col3 | col3neg | Welcome to lkhit.net |col3 |col3neg original |col3
col3 | col3neg | Welcome to lkhit.net |col3 |col3neg original |col3
col3 | col3neg | Welcome to lkhit.net |col3 |col3neg original |col3

Pages

col3 | col3neg | Welcome to lkhit.net |col3 |col3neg original |col3

කාලෝ ෆොන්සේකාගේ අභියෝගයක් කපු මහතෙකු බාර ගනී.(srilankan kalofonseka)




ශ්‍රී ලංකා හේතුවාදී සංගමය සහ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා විසින් පසුගියදා ඉදිරිපත් කරන ලද ගුප්ත බලයක් තිබෙන බව ඔප්පු කළහොත් ලක්ෂ 10 ක් පිරිනමන බවට කරනු ලැබූ අභියෝගය පිළිගැනීමට කපු මහතෙකු ඉදිරිපත්ව සිටී.

දේවාලයක් කරගන යන වාද්දූවේ ඩබ්ලිව් කරුණාසිරි සොයිසා නම් වන ඔහු ශ්‍රී ලංකා හේතුවාදීන්ගේ සංගමයේ නිලධාරී මණ්ඩලය ඉදිරියේ මේ සඳහා සිය කැමැත්ත පළ කර තිබෙනවා.

මේ අනුව ඔහු විසින් නියමිත දිනයේ දී මෙම කොන්දේසි මාලාවේ අංක 1 වන ගිනි මැලයක් මත්තෙහි තත්පර 30 ක් නොපිළිස්සී සිටගෙන සිටීමේ අභියෝගයට මුහුණ දීමට නියමිතය

ගිනි පෑගීම පිළිබඳව එම කපුමහතා පවසනේ මෙවැන්නක්.


"තමන්ට උපරිම අන්දමින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ගෙන් දෙවියන් පුදන දේවගැතියා තමන්ගේ සිත තුළ හටගත් දේව භක්තිය තව තවත් වර්ධනය කරගැනීම හා දෙවියන්ට භක්තිය ඇති තවත් ජන සමූහයක් බිහිකිරීම මෙම ගිනි පෑගීමේ එකම අරමුණයි.

එබැවින් දුටුවන් පිනවන, ඇසුවන් පිනවන හා දුටුවන් මවිත කරවන, ඇසුවන් මවිත කරවන අන්දමට මෙම ගිනි පෑගීම සාර්ථක කර දෙන මෙන් දෙවියන්ට කන්නලව් කළ යුතුය.

ඔහු ප්‍රතිපත්ති රකින ප්‍රමාණයේ තරමද ඔහුගේ සිත තුළ දෙවියන් කෙරෙහි වූ භක්ති ප්‍රමාණය අනුවද ඔහුට ගිනි පෑගීමේදී දැක්විය හැකි දස්කම් ප්‍රමාණය තීරණය වනු ඇත.

මෙම සියළුම ප්‍රතිපත්ති වසර කිහිපයක් අඛණ්ඩව රැකීමට සමත් වූ ප්‍රාණ දේව භක්තිකයන් ගිනි පෑගීමට ලී දඬු පාවිච්චි කරන්නේ නැත. එළගොම හා විභූති හෝ මැටි හා දහයියා හෝ මිශ්‍ර කර පදම් කර වේලාගත් ද්‍රව්‍ය සමූහයක් ඒ වෙනුවට පරිහරණය කෙරේ.

එම ද්‍රව්‍ය දැවීමෙන් හටගන්නා ගින්න යකඩ උණු කිරීමට පවා සමත් බව පොතපතේ සඳහන්වේ. පුරාණයේ ගිනි පෑගීමේ නිරතවූවන් මේ තරම් සැර ගින්නක් පාවිච්චි කර ගිනි පෑගීම කළේ එය තමාවම හෝ අනුන්ව රැවටීමට කළ ක්‍රියාවක් නොවන නිසාය.

මෙම ද්‍රව්‍ය වලින් සාදාගත් ගිනි මැලයේ ශරීරයේ ඇනීමට හැකි වන උල් කටු හා යකඩ ඇණ ආදිය නැති හෙයින් ගිනි මැළයේ පෙරලී සර්වාංගයම ගින්නේ හොඳින් ස්පර්ශ කර අග්නි ස්නානය කිරීමටද පෙර විසූ ගිනි පෑගීමේ නිරතවූවන් සමත්ව ඇත.

තවද ගිනි පෑගීමේදී කවරෙකු විසින් හෝ කරන වින කර්ම ආදී උපක්‍රම නිසා ගිනි පාගන්නාට කිසිදු අනතුරක් සිදු නොවේ. මෙවැනි අවංක සීලවන්තයෙකුගේ ගිනි පෑගීමේදී දෙවි දේවතාවුන් වහන්සේලා ප්‍රසාදයෙන් යුක්තව එම ගිනි මැලයට වැඩම කර ඒ බව බව කුමක් හෝ ප්‍රාතිහාර්යකින් දේව භක්තිකයන්ට පෙන්වීමට බොහෝ ඉඩ ඇත.

එම දෙවි දේවතාවුන් වහන්සේලාගේ පැමිණීම හේතුකොටගන දේව භක්තිකයන්ට පමණක් නොව ගමටද පවතින දෝෂ දුරුකොට ලෙඩදුක් සුවවී වැසි ලැබී කෙත්වතු සරු සාර වන බවත් විශ්වාස කෙරේ

වත්මන් සමාජයේ බහුලව දක්නට ලැබෙන්නේ ඉහත කී ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයකට ගිනි පෑගීමයි.

මන්ත්‍ර බලයෙන් හා ඖෂධ බලයෙන් යම් ප්‍රමාණයකට ගිනි පෑගීමේ හැකියාවක් තිබේ. නමුත් එම ක්‍රමයට ගිනි පාගන්නාට ලැබෙන යහපතක් නැත. නරඹන්නන් සතුටුවී මුදල් උපයන මාර්ගයක් පමණි
."

එම සම්පූර්ණ ලිපිය මෙතනින්.

මේ අතර ප්‍රවීණ චිත්‍ර ශිල්පී බන්දුල හරිස්චන්ද්‍ර මහතා කාලෝ ෆොන්සේකා වෙත අභියෝගයක් කර තිබෙනවා. ඒ පුළුවන් නම් සිතුවිලි පටිගත කර පෙන්වන ලෙසයි. පසුගිය ඉරිදා ලක්බිම පුවත්පතේ පලවූ එම ලිපිය මෙතනින්.


ගිනි පාගන වාද්දූවේ ඩබ්ලිව් කරුණාසිරි කපු මහතා


Responses

0 Respones to "කාලෝ ෆොන්සේකාගේ අභියෝගයක් කපු මහතෙකු බාර ගනී.(srilankan kalofonseka)"

Post a Comment

col3 | col3neg | Welcome to lkhit.net |col3 |col3neg original |col3
col3 | col3neg | Welcome to lkhit.net |col3 |col3neg original |col3

Recent Comments

Popular Posts

col3 | col3neg | Welcome to lkhit.net |col3 |col3neg original |col3
Return to top of page Copyright © 2011 | Platinum Theme Converted into Blogger Template by Hack Tutors
col3 | col3neg | Welcome to lkhit.net |col3 |col3neg original |col3