හමුදා සෙබළෙකු බෝම්බයක් පුපුරුවා ගෙන නසී
- යුද හමුදා සෙබළෙකු මාතලේ මහනුවර දුම්රිය මාර්ගයේ කොහොඹිලිවෙල කිරිමණ්ඩලය
අසළදී අද(21) සවස අත්බෝම්බයක් පුපුරුවා ගෙන මියගොස් ඇත.
එසේ මිය ගොස් ඇත්තේ, වවුනියාව කඳවුරට
අනුයුක්තව සේවය කළ 27 වියේ පසු වූ ඩබ්ලිව්.ඞී. ප‍්‍රදීප් කුමාර නමැති
කැකිරාව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු මාතලේට පැමිණ තිබෙන්නේ සිය පෙම්වතිය හමුවීම සඳහාය. බෝම්බය පුපුරුවා ගැනීමට හේතුව පෙම්වතිය සමඟ ඇති වූ ආරවුලක් බව සැක කෙරේ.
මෙම සිද්ධිය නිසා මාතලේ -මහනුවර මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු කෙටි වේලාවක් තාවකාලිකව නතර කර දැමීමට සිදුව තිබේ.


Previous Article

Responses
0 Respones to " හමුදා සෙබළෙකු බෝම්බයක් පුපුරුවා ගෙන නසී"
Post a Comment