කුඩු සමග මාට්ටු වූ ගුවන් සේවිකාව යළි රිමාන්ඩ්
හෙරොයින් ළග තබාගත්තේ යැයි අත්අඩංගුවට පත්ව බන්ධනාගාරයේ රඳවා සිටි
ශී‍්‍ර ලංකන් ගුවන් සේවයේ ගුවන් සේවිකාව ලබන සැප්තැම්බර් 04 වැනිදා දක්වා
රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නදීරා බෝගහදෙනිය
මහත්මිය නියෝග කළාය.
සැකකාරිය මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ඇය සන්තකයේ තිබී හෙරොයින් මිලිග‍්‍රෑම් 540 ක් පොලිසිය විසින් සොයාගෙන තිබිණි.
සැකකාරිය සහ ඇය සමග ගමන්ගත් තවත් කාන්තාවක
වැල්ලවත්ත පොලීසිය මගින් පාමංකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර අනෙක් අය
ඇපමත මුදාහාර සිටී.
සැකකාර ගුවන් සේවිකාව දැඩිලෙස
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ තැනැත්තියක බව පොලිස් මූලික පරීක්‍ෂණවලදී හෙළිවූ
බව මීට පෙර අධිකරණයේදී හෙළි විය.
වැඩිදුර පරීක්‍ෂණ වැල්ලවත්ත පොලිසිය විසින් සිදුකරනු ලබයි
.
Labels:
com,
gossip9,
gossiplanka,
srilanka mirror,
tharunaya
Previous Article

Responses
0 Respones to " කුඩු සමග මාට්ටු වූ ගුවන් සේවිකාව යළි රිමාන්ඩ්"
Post a Comment