col3 | col3neg | Welcome to lkhit.net |col3 |col3neg original |col3
col3 | col3neg | Welcome to lkhit.net |col3 |col3neg original |col3
col3 | col3neg | Welcome to lkhit.net |col3 |col3neg original |col3

Pages

col3 | col3neg | Welcome to lkhit.net |col3 |col3neg original |col3

නදීශා හේමමාලිගෙන් අමුතුම තාලේ වෙබ් අඩවියක්




නදීශා හේමමාලිගෙන් අමුතුම තාලේ වෙබ් අඩවියක්


07

නව පරපුරේ සම්මානනීය නිළියක්,නිෂ්පාදිකාවක් හා රූපවාහිනී නිවේදීකාවක් වන නදීශා හේමමාලි පසුගිය දා තමන් ගේ නිල වෙබ් අඩවිය විවෘත කරනු ලැබුවා.ඇයට ආදරය කරන සුවහසක් රසික ජනතාවට වෙබ් පිටුව හරහා ඇයගේ නවතම නිර්මාණ කාර්යයන් වල තොරතුරු වගේම ඡයාරූප,ඇයගේ ජයග්‍රහණයන් හා ඇයගේ තොරතුරුද දැක බලාගැනීමට ඉඩකඩ සලසා දී තිබෙනවා.මීට අමතරව ඇයගේ රසික රසිකාවියන්ට ඇය සමඟ chat කිරීමේ ඉඩ ප්‍රස්ථාවද මින් ලැබෙනවා.

nadeeshahemamali.com
[Read More...]


එස්.එල්.පී.එල්. තරගමැද කලහකර අත්අඩංගුවට



එස්.එල්.පී.එල්. තරගමැද කලහකර අත්අඩංගුවට
 


එස්.එල්.පී.එල්. තරගයක් නැරඹීමට පල්ලෙකැලේ අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයට පැමිණ බීමත්ව කළහකාරීව හැසිරුණු 15 දෙනෙකු ඊයේ රාත‍්‍රි අත්අඩංගුවට ගැනුණා. ඔවුන්ගෙන් කෙනෙකු පවසා ඇත්තේ ඔහු අග‍්‍රාමාත්‍යවරයාගේ ඥාති පුතෙකු බවයි. එහෙත්, එම ප‍්‍රකාශය අසත්‍යයක් බව විමර්ශනවලින් හෙළිවණේ. එස්.එල්.පී.එල්. තරග නැරඹීමට පැමිණ බීමත්ව කළහකාරීව හැසිරුණු පුද්ගලයන් විසි දෙනෙ

[Read More...]


ඔලිම්පික් ධාවන ශූරිය ගිලී මියයයි




          ඔලිම්පික් ධාවන ශූරිය ගිලී මියයයි

2008 වසරේ බෙයිජිං ඔලිම්පික්හි මීටර් 200 ධාවන තරගයට සහභාගි වූ සෝමාලි ක්‍රීඩිකාවක් සරණාගත බෝට්ටුවකින් යුරෝපය බලා එමින් සිටියෙදී දියේ ගිලී මියගොස් ඇති බව වාර්තා වේ.
සමියා යුසුෆ් ඔමාර් නම් වූ ඇය පසුගිය අප්‍රේල් මාසයේ ලිබියාවේ සිට ඉතාලිය බලා යාත්‍රා කරමින් තිබූ සරණාගත බෝට්ටුවකින් යමින් සිටි බව කියවෙන්නේ ලන්ඩන් ඔලිම්පික් සඳහා ඉදිරිපත්වීමට පුහුණුකරුවෙකු සොයාගැනීම සඳහාය.
2008 ඔලිම්පික් සඳහා ඉදිරිපත් වුවද ඇය‍ට විධිමත් පුහුණුවක් තිබී නැති අතර ජයග්‍රහණයක්ද හිමි වී නැත. මොගඩිෂු අගනුවර හැදී වැඩුණු ඇය යුද්ධයට, දරිද්‍රතාවයට හා කාන්තාවන් ක්‍රීඩා නොකළ යුතු බවට වූ ආගමික බලපෑම්වලට මුහුණ දී සිටියාය. ඔලිම්පික් අවසානයේ සිය රට බලා පැමිණි ඇය‍ට අගනුවර ඇතැම් කොටස් පාලනය කළ අල් සබාබ් සන්නද්ධ කණ්ඩායමේ මරණ තර්ජනවලට ලක්වීමට සිදුව තිබිණි.
වාර්තා වන අන්දමට ඇය 2010 ඔක්තෝබරයේ පුහුණුකරුවෙකු සොයමින් ඉතියෝපියාවට ගොස් තිබුණේද ලන්ඩන් ඔලිම්පික් අපේක්ෂාව ඇතුවය. ‍ඇයට අඩීස් අබාබා ක්‍රීඩාංගණයේ පුහුණුවීම්වලට ඉඩ ලැබුණේද යන්න පිළිබඳව වාර්තා නොවන අතර පසුගිය ඉතාලි ගමන දක්වා ඇය පිළිබඳ තොරතුරු ලැබී නැත.
මෙවර ඔලිම්පික් උළෙලේදී පදක්කම් දිනා ගත් මෝ ෆාරා බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වී පුරවැසිකම ලබා ගත්සෝමාලි ජාතිකයෙකි.

col 3,col3 neg,col3neg,col3 original,col3neg


[Read More...]


බුදු පිළිමයට නිගා කල සුද්දියන්ට සිර දඩුවම්




          බුදු පිළිමයට නිගා කල සුද්දියන්ට සිර දඩුවම්

අශෝභන ඉරියව්වකින් බුදු පිළිමයක් ඉදිරිපිට සිට ඡයාරූප ගත් ප‍්‍රංශ ජාතිකයන් තිදෙනෙකුට බරපතල වැඩ සහිතව මාස 6 ක සිර දඩුවම්, වසර 5 ක් දක්වා අත්හිටුවමින් නියම කිරීමට අධිකරණය කි‍්‍රයා කරන ලදි.
මෙසේ දඩුවම් නියම කරුනේ ශී‍්‍ර ලංකාවේ සංචාරයකට පැමිණි ප‍්‍රංශ ජාතික කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමියෙකුගෙන් සමන්විත කන්ඩායමකටය.
සංචාරක කන්ඩායම විසින් ගත් ඡයාරූප කිහිපයක් ගාල්ල ප‍්‍රදේශයේ පිහිටි වර්ණ සංයෝජන මධ්‍යස්ථානයකින් මුද්‍රණය කර ගැනීමට පැමිණි අවස්ථාවේදී එම ඡයාරූප එකතුව තුල තිබූ ඔවුන් විසින් බුද්ධ ප‍්‍රතිමාවක් සිප ගන්නා ඡයාරුප කිහිපයක් නිරීක්ෂණය කල වර්ණ සංයෝජන මධ්‍යස්ථානයේ හිමිකරු ඒ  පිළිබදව පොලීසියට දන්වා ඇති අතර එම පිරිස අත්අඩංගුවට පත්වීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කල බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

col 3,col3 neg,col3neg,col3 original,col3neg
[Read More...]


කුඩු සමග මාට්ටු වූ ගුවන් සේවිකාව යළි රිමාන්ඩ්




      කුඩු සමග මාට්ටු වූ ගුවන් සේවිකාව යළි රිමාන්ඩ්


Airline girls 410px හෙරොයින් ළග තබාගත්තේ යැයි අත්අඩංගුවට පත්ව බන්ධනාගාරයේ රඳවා සිටි ශී‍්‍ර ලංකන් ගුවන් සේවයේ ගුවන් සේවිකාව ලබන සැප්තැම්බර් 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නදීරා බෝගහදෙනිය මහත්මිය නියෝග කළාය.
සැකකාරිය මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ඇය සන්තකයේ තිබී හෙරොයින් මිලිග‍්‍රෑම් 540 ක් පොලිසිය විසින් සොයාගෙන තිබිණි.
සැකකාරිය සහ ඇය සමග ගමන්ගත් තවත් කාන්තාවක වැල්ලවත්ත පොලීසිය මගින් පාමංකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර අනෙක් අය ඇපමත මුදාහාර සිටී.
සැකකාර ගුවන් සේවිකාව දැඩිලෙස මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ තැනැත්තියක බව පොලිස් මූලික පරීක්‍ෂණවලදී හෙළිවූ බව මීට පෙර අධිකරණයේදී හෙළි විය.
වැඩිදුර පරීක්‍ෂණ වැල්ලවත්ත පොලිසිය විසින් සිදුකරනු ලබයි
.
[Read More...]


හමුදා සෙබළෙකු බෝම්බයක් පුපුරුවා ගෙන නසී




      හමුදා සෙබළෙකු බෝම්බයක් පුපුරුවා ගෙන නසී

Print
suicide 410px 14-08-12- යුද හමුදා සෙබළෙකු මාතලේ මහනුවර දුම්රිය මාර්ගයේ කොහොඹිලිවෙල කිරිමණ්ඩලය අසළදී අද(21)  සවස  අත්බෝම්බයක් පුපුරුවා ගෙන මියගොස් ඇත.
එසේ මිය ගොස් ඇත්තේ, වවුනියාව කඳවුරට අනුයුක්තව සේවය කළ 27 වියේ පසු වූ ඩබ්ලිව්.ඞී. ප‍්‍රදීප් කුමාර නමැති කැකිරාව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු මාතලේට පැමිණ තිබෙන්නේ සිය පෙම්වතිය හමුවීම සඳහාය. බෝම්බය පුපුරුවා ගැනීමට හේතුව පෙම්වතිය සමඟ ඇති වූ ආරවුලක් බව සැක කෙරේ.
මෙම සිද්ධිය නිසා මාතලේ -මහනුවර මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු කෙටි වේලාවක් තාවකාලිකව නතර කර දැමීමට සිදුව තිබේ.
[Read More...]


කටුගෙයි සොරකමේ මහමොලකරු හඳුනාගැනේ




      කටුගෙයි සොරකමේ මහමොලකරු හඳුනාගැනේ


museum hora 410px 21-08-12- කොළඹ ජාතික කෞතුකාගාරයේ සිදුවූ සොරකමෙහි ප‍්‍රධාන සැකකරු පොලීසිය විසින් හඳුනාගෙන ඇත.
  ලංසගේ ප‍්‍රියන්ත මෙන්ඩිස් නැමති මෙම ප‍්‍රධාන සැකකරු පිළිබඳ නිවැරදි තොරතුරක් ලබාදෙන්නෙකුට රුපියල් ලක්ෂ 5ක ත්‍යාගයක් පිරිනමන බව රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය පවසයි.
ඔහු පිළිබදව කිසියම් තොරතුරක් වෙත්නම් 011 244 11 47 හෝ 077 77 55 950 දුරකථන අංකවලින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දිය හැක. නැතහොත් 011 266 23 23 හෝ 071 777 44 00 යන දුරකථන අංකවලින් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයාටද, 011 266 23 11 හෝ  071 40 60 906 යන දුරකථන අංකවලින් කොළඹ  අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාටද දැනුම්දිය හැකි බව රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය පවසයි.
තොරතුර ලබාගැනීම සදහා කොළඹ අපරාධ කොට්ඨාසයේ 011 268 51 51 යන දුරකථන අංකයද විවෘතව පවතී.
ජාතික කෞතුකාගාරයේ තිබූ ඉපැරණි කඩුවක් ඇතුලූ කෞතුක භාණ්ඩ කිහිපයක් පසුගිය මාර්තු මස 16 වැනි රාත‍්‍රියේ සොරාගනු ලැබිය.  පසුව පොලීසිය විසින් ඒ සම්බන්ධයෙන්  පුද්ගලයින් 58 දෙනෙකුගෙන් ප‍්‍රකාශ සටහන් කර ගෙන තිබිණ.
මීට අමතරව කෞතුකාගාරයේ කැමරා පද්ධතීන් පරීක්ෂන සිදුකිරීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයට ද යොමු කර තිබිණ
[Read More...]


romesh sugathpala wedding day




රොමේෂ් සුගතපාලගේ මංගල ජායාරූප එකතුව

පසුගියදා විවාහයට පත්වූ "දිගුදෑස දුටුවාම" ගීතයෙන් තරුණ හදවත් වැළඳගත් රොමේෂ් සුගතපාලගේ විවාහයේ ජායාරූප එකතුවක් මීට පෙර අප විසින් ගෙන ආවත් සියළුම ජායාරූප නිල වශයෙන් ප්‍රකාශය පත්වී තිබුනේ නැහැ. එම විවාහයේ නිල ජායාරූප එකතුව පහතින්.







































































 
[Read More...]


col3 | col3neg | Welcome to lkhit.net |col3 |col3neg original |col3
col3 | col3neg | Welcome to lkhit.net |col3 |col3neg original |col3

Recent Comments

Popular Posts

col3 | col3neg | Welcome to lkhit.net |col3 |col3neg original |col3
Return to top of page Copyright © 2011 | Platinum Theme Converted into Blogger Template by Hack Tutors
col3 | col3neg | Welcome to lkhit.net |col3 |col3neg original |col3