col3 | col3neg | Welcome to lkhit.net |col3 |col3neg original |col3
col3 | col3neg | Welcome to lkhit.net |col3 |col3neg original |col3
col3 | col3neg | Welcome to lkhit.net |col3 |col3neg original |col3

Pages

col3 | col3neg | Welcome to lkhit.net |col3 |col3neg original |col3

thanuja new shoot




[Read More...]


NCP doctors strike postponed





Doctor N 410px
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ මරමින්  උතුරු මැද පළාතේ සියලු රෝහල්වල වෛද්‍යවරුන් හෙට(03)  ආරම්භ කිරීමට තිරණය කළ වැඩවර්ජනය තාවකාලිකව නතර කිරීමට තීරණය කර තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කණ්ඩායමක් අනුරාධපුරයට ගොස් එහි තත්ත්වය සොයා බලා මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි..
ඒ අනුව හෙට යොදාගෙන තිබු වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ඔහු කියා සිටියි.
කෙසේ වෙතත් අදාළ සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා ‍උතුරු මැද පළාතේ සියලු වෛද්‍යවරුන් හෙට වර්ජනයක නිරත වීමට තිරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මීට පෙර ප්‍රකාශ කරන ලදී.
අනුරාධපුර රෝහලේ රාජකාරිය සඳහා පැමිණෙමින් සිටි වෛද්‍යවරයෙකුට සන්ධාන අධාරකරුවන් පිරිසක් විසින් පහරදීමේ සිද්ධියකට‍ විරෝධය පළ කරමින්, අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් පසුගිය (31) වැනිදා වැඩ වර්ජනයක නිරතවිය.
එම ප්‍රහාරයෙන් තුවාල ලැබු වෛද්‍යවරයා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර,  ඔහු මේවනවිට  අසාධ්‍ය තත්ත්වයෙන් පසුවේ.
සබැදි පුවත්- උතුරුමැද වෛද්‍යවරු අනතුරු හගවති


[Read More...]


දීපිකා ෂාරුක්ගේ එක්ස්ප‍‍්‍රස් එකට නගියි (depika,padukone,hot news)





DeepikaP 410px 12 09 02
මෙකල ජනපි‍‍්‍රය බොලිවුඞ් නිළියන් වන කති‍‍්‍රනා කයිෆ්, කරීනා කපූර් හා පි‍‍්‍රයන්කා චොප්රා පරදවමින් ෂාරුක් ඛාන් සමග රගපෑමේ අවස්ථාව හිමිකර ගැනීමට දීපිකා පදුකෝන් සමත්වී ඇතැයි බොලිඩුඞ් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මෙසේ දීපිකා සම්බන්ධයෙන් බොලිවුඩයේ කතාබහක් ඇතිවි ඇත්තේ ළගදී රූගත කිරීම් ආරම්භ කිරීමට නියමිත චෙන්නායි එක්ස්ප‍‍්‍රස් චිත‍‍්‍රපටයේ ෂාරුක් සමග රගපෑමේ අවස්ථාව දීපිකා හිමිකරගත් නිසාය.
රොහීත් ෂෙට්ටි විසින් අධ්‍යක්‍ෂණය කරන ලබන චෙන්නායි එක්ස්ප‍‍්‍රස් චිත‍‍්‍රපටය ගෙතී ඇත්තේ වෙන්නායි සිට රාමේෂ්වරන් දක්වා ගමන් ගන්නා තරුණයෙකුගේ කි‍‍්‍රයාකාරකම් වටාය.
මෙම චිත‍‍්‍රපටයේ රූගත කිරීම් ලබන 27 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව රෝහිත් ෂෙට්ටි අනාවරණය කර තිබිණි.
කෙසේවවුද ශාරුක්ිචෙන්නායි එක්ස්ප‍‍්‍රස්’ රූගත කිරීම් හමාර කර මේ දෙසැම්බරයේදී ෆරහා ඛාන්ගේ "හැපී නිවුඉයර්’ චිත‍‍්‍රපටයටද රංගනයෙන් දායකවීමට කල්යල් බලමින් සිටින බවද මේ අතර වාර්තා වේ.
දීපිකා හා ෂාරුක් මීට පෙර එකට රගපෑවේ ඕම් ශාන්ති ඕම් සිනමා පටයේය.
එය ඇයගේ මංගල සිනමා පටය බවද කියැවේ.
[Read More...]


ධාතු ප්‍රදර්ශනයට පසු එළුවන්ගේ බෙලි කැපේ!





MUnneswaram animal 410px
හලාවත මුන්නේෂ්වරම් ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලේ සත්ව බිලි පූජාව සැප්තැම්බර් 16 වැනිදාට පසුව පැවැත්වීමට එහි පූජකවරු කටයුතු යොදා ඇතැයි වාර්තාවේ.
කපිලවස්තු ශ්‍රී සර්වඥධාතු ප්‍රදර්ශනය අවසන් වනතුරු බිලිපූරා නොපවත්වන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ ඉල්ලීමට අනුව බිලි පූජාව සැප්තැම්බර් 01 දා නොපැවැත්වීමට ප්‍රධාන පූජකවරයා එකඟ විය.
මේ දිනවලද බාරවලට ගෙන එන එළුවන් බාරගැනිමේ වරදක් නැතැයි පවසන  පූජකවරු, මේ දිනවල  බිලිපූජාවට ගෙන එන සත්තුන් බාර ගැනෙති.
වරකට එළුවන් 200කගේ පමණ බෙලි කපා බිලි පූජාව සිදුකැරේ.
[Read More...]


රිදී සිත්තමට රජයේ දේපළ දකුණු පලාත් මංත්‍රීවරයෙකුගෙන්





මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන "රිදී සිත්තම්" ටෙලිනාට්‍යයේ නිෂ්පාදන කටයුතු සඳහා රාජ්‍ය දේපළ යොදාගන තිබෙනවා.

පසුගියදා විකාශය වූ එම නාට්‍යයේ කොටසක වූ රූපරාමු වල WPC 2011-2012 අංක දරන වාහනය රාජ්‍ය වාහන සංචිතයට අයත්ය.

රාජ්‍ය වාහන කිසිසේත්ම පෞද්ගලික කටයුතු සඳහ යොදාගැනීම නීතියෙන් තහනම්ය.

එහෙත් මෙම රථය මෙම රූගතකිරීම් සඳහ යොදාගන ඇත්තේ එහි නිශ්පාදන කටයුතු කරන "රන්දීප මීඩියා ප්‍රොඩක්ෂන්" සමාගමේ හිමිකරුවා වන මෑතකදී විපක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට එකතුවූ දකුණු පලාත් මංත්‍රීවරයෙකුගේ හයිය නිසා බව පැවසේ.


[Read More...]


නයාට පෙම්කරනා කොල්ලුපිටියේ "නයි නළඟන"




කොල්ලුපිටියේ පිහිටි "ක්ලියෝපැට්රා" සමාජ ශාලාවේ නාගයෙකු ඇඟේ දවටාගන නර්තනයේ යෙදීම නිසා පසුගියදා තරුණියක් අත් අඩංගුවට පත් වුණා. 

පසුව අධිකරණය විසින් ඇය නිදහස් කල අතර මේ පිළිබඳව සම්පූර්ණ විස්තරයක් පලවුනේ නැහැ. 

ඇය ආර්.එම් නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි ය. නාගයා හා ඇය අතර සම්බන්ධය හෙළිදරව් වන ඇය හා පැවති සාකච්ජාවක් පහතින්.

ඩිලානිගේ ගම් පළාත කොහෙද?
පිළිමතලාවේ දන්තුරේ. පාසල් ගියේ දන්තුරේ ජාත්‍යන්තර පාසලකට

ගමේ හිටපු කෙල්ලෙක් සමාජ ශාලා ජිවිතයකට පුරුදු වුනේ කොහොමද ?
ඉස්කෝලෙන් අයින් වෙලා මම කටුනායක ගුවන්තොටුපලේ රස්සාවක් කළා. මම පුංචි කාලේ ඉදලම හොදට නටන්න පුළුවන්. එතැනදී හදුනාගත්ත යාලුවෙක් මාව කටුනායක ප්‍රසිද්ධ සමාජ ශාලාවක රස්සාවක් හොයල දුන්නා.


මට තිබුනේ එතන එන පිරිසව නටල සතුටු කරන්න. ඒ කාරිය මම බොහොම කැමැත්තෙන් කළා. එත් ඒ සමාජ ශාලාවේ හිමිකාරය මට අනවශ්‍ය බලපෑම් කරන්න ගත්තා. මට ඒවාට එකඟ වෙන්න බෑ. ඒ නිසා මම එතනට ආයුබෝවන් කිව්වා..."

මෙතැන හම්බවුනේ කොහොමද?
මම මෙතනට දවසක් ආවේ විනෝද වෙන්න. එදා මම හොදට නැටුවා.මම නටනවා දැකලා මේකේ කළමනාකරුවෙක් තමයි මෙහෙ රස්සාව කරන්න කැමතිද කියල ඇහුවේ..මම දෙවරක් හිතන්නේ නැතුව කැමති වුනා.මේ හිමිකරුවෝ හරි හොදයි. අනවශ්‍ය බලපෑම් නෑ. මගේ ඇගටවත් අත තියල නෑ.

ඔය හිතුවක්කාර ජිවිතයට ගෙදරින් කැමති වුනාද?
"ඒ ඇයට ඕනෑ මගේ සල්ලි විතරයි." ඇය හිස් අවකාශයට සිනාසෙන්නීය.

ඩිලානි බැඳලද ?
නෑ....

කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මංගල දෙහිදෙණිය මහතා කියනවා "මීට කලිනුත් මේ ගෑනු ළමය ගැන පැමිණිල්ලක් කරලා තියනවා. ඒ.. ගෑනු ළමයාගේ තාත්තයි , සැමියයි. ඒ අයට මෙයාව ගෙදර එක්ක යන්න ඕනෑ වුනා. මෙයා කැමති වුනේ නෑ. දියුණුවෙන්න ඕනෑ කියලා නැවතුනා." කියලා.
මම බැඳලා කියන කතාව බොරු. ඔය කියන එක්කෙනාත් එක්ක මගේ ප්‍රේම සම්බන්ධයක් තිබුනා. මම එයාලගේ ගෙදර මාස දෙකක් විතර නැවතිලාත් හිටියා. ඒ අම්මයි තාත්තත් මට ආදරෙයි. එත් මට තේරුනා එයා මට ගැලපෙන් නෑ කියලා .... මම ඒ ගෙදර හිටියාට අපි කවදාවත් අඹුසැමියන් විදිහට හිටියේ නැහැ.

එයාට එහෙම වුනත් මම එකට කැමති වුනේ නෑ. යන්න එන්න තැනක් නැතුව නැවතුනාට මම එයාව කසාද බැඳලා හිටියේ නැහැනේ. එත් මගේ පවුලේ අයත් එයාලත් කියන්නේ මම එයාගේ බිරිය කියලා. මම ඒකට කැමති නෑ. නොගැලපෙන කෙනෙක් එක්ක ජීවත්වෙන්න බෑනේ. ඒකයි මම එයාටත් හොරෙන් ගෙදරින් ඇවිත් මෙහෙ රස්සාවට ආවේ.

දැන් මොකක්ද මේ නයා එක්ක තියන සම්බන්ධය.?
මෙහෙමයි.. එක මට පුංචි කාලේ ඉඳලම දැනෙන දෙයක්. මට වචනයෙන් විස්තර කරන්න බෑ නයෙක් දැක්කහම මට ආදරයක් ගෞරවයක් දැනෙනවා. මට පුංචි කාලේ ඉඳලම පෙනෙන හීනත් හරිම අමුතුයි.

හීනෙන් පේන්නෙත් නයිද?
නැහැ .. දෙවියෝ...

දෙවියෝ..?
මම මුලින්ම හීනෙන් දැක්කේ රාමා සීතා .... එතකොට මට අවුරුදු පහක් විතර ඇති. ඊට පස්සේ ගණදෙවි, පත්තිනි, ඊශ්වර වගේ දෙවිවරු මට හීනෙන් පේනවා...

රාත්‍රී සමාජශාලාවක නළගනක් වෙනවට දෙවිවරු විරුද්ධ වුනේ නැද්ද?
නෑ... මම වැරදි වැඩක් නෙමෙයි නේ කරන්නේ..


ඇත්තටම ඩිලානිට හිතෙන්නේ නැද්ද ඔය රස්සාව හොද මදි කියල..?
දන්නවා.. කවදාහරි කසාද බඳින දවසට ඔය ප්‍රශ්නේ මතුවෙයි. වැදගත් මහත්වරු සමාජශාලවට ආවට ඒවගේ තැනක වැඩකරන කෙනෙක් කසාද බඳින්න ඒ අය කැමති නැති බව මම දන්නවා. එත් එක මට ප්‍රශ්නයක් නෙවෙයි මම කවදාවත් ලංකාවේ කෙනෙක් කසාද බදින්නෙත් නෑ . මම වැඩි දවසක් ලංකාවේ ඉන්නෙත් නෑ... මම මගේ ඇත්ත අම්මා හොයාගෙන යනවා...

දෙවිවරුයි නාගයොයි අතර තියන සම්බන්ධය මොකද්ද?
මට දෙවිවරු හීනෙන් පේන බව මේ දැන් ඔයාට කියනකම් කාටවත් කියල නෑ.... අඩුතරමේ අම්මාට තාත්තට, ආච්චිට, සීයටවත් .... දවසක් මම අත්තම්මල එක්ක පිළිමතලාවේ දොඩන්වල දේවාලයට ගියා. එතන නාථ දේවාලය ළඟ නා ගස් හතක් තියනවා. අත්තම්මලගෙන් ඈත් වෙලා මම තනියෙන් ඒ නා ගස් ලඟට ආවා... මගේ හිතට අමුත්තක් දැනුනා. මම ඒ නා ගස් දිහාම බලන් හිටියා. ටිකකින් දැක්ක නා ගස් ලඟින් විශාල නයෙක් මතුවෙනවා. නයෙක් කිව්වට හැපින්නක් .

එත් මට බයක් දැනුනේ නැහැ. මම බලාගෙනම හිටියා. මට දැනුනා ... නයා මට මොනවාහරි කියන්න හදනවා කියලා. ටික වෙලාවකින් මගේ දිහා බලාගෙන හිටපු නයා හෙමින් යන්න ගියේ අමුතු එලියකුත් එක්ක. මම මගේ ඇස අහකට ගත්තෙම නෑ. නයා ගියාට පස්සේ මම දැක්ක එතන පෙන්ඩන්ට් එකක් තියනවා. එක පැත්තක රාමා ඉන්නවා අනික් පැත්තේ හනුමා ඉන්නවා. මම එක අහුලා ගත්තා. ඊට කළු නුලක අමුනලා කරේ දාගත්ත. එදා ඉඳන් මාව බන්ධනාගාර ගත කරනකන්ම ඒ කළු නුලයි පෙන්ඩන්ට් ඒකයි මගේ බෙල්ලේ තිබුනා.

එත් බන්ධනාගාර නිලධාරීන් බලහත්කාරයෙන් එක ගලවගන්න හැදුවා. එපා කියල මම වැන්දේ නැතුවා විතරයි. එත් ඒ අයට මට ඇහුම්කන් දෙන්න ඕනෑකමක් තිබුනේ නැහැ. බලහත්කාරයෙන් ඒ අය නූල කැපුවා. ඒ වෙලාවේ මට සිහිය නැතුව වැටුනා..."

නයාව මට හම්බවුනේ මම ඉස්කෝලේ පොඩි පන්ති වල ඉදිද්දී . එදා ඉදන් ඉඩක් ලැබුන ගමන් මම නාථ දේවාලයට යනවා. ටිකක් ලොකු වුනහම අත්තම්මලට හොරෙන් තනියමත් ගියා. ඒ ගිහින් නා ගස් ලඟට වෙලා " මට ඔයාව බලන්න ඕනෑ.. " කියල හිතුවාම නාගයා මතුවෙනවා... අපි දෙන්නට දෙන්න බලා ඉන්නවා.

වචනයෙන් කතා නොකලට එයා හිතන පතන දේ මට දැනෙනවා.... මම හිතන පතන දේ එයාට දැනෙනවා කියල මම දන්නවා.."ඔයාට හිතෙනවා ඇති මට පිස්සු කියල...ඔයාට විතරක් නෙමෙයි රෝහලේදී වෛද්‍යවරුන්ටත් එහෙම හිතුනා. මාව මානසික වෛද්‍යවරයකුටත් යොමු කළා. එත් ඒ වෛද්‍යවරයාට තේරුනා මට මානසික රෝගයක් නෑ කියලා. මගේ කතාව අහගෙන ඉඳල වෛද්‍යවරයා කිව්වා " මට හිතෙනවා ඔයාට මොකක් හරි බලවේගයක් තියනවා කියල ." මටත් එහෙම දැනෙනවා.

ඔයා නටන්නේ එතකොට ඔය දකින්න එනවා කියන නාගයා එක්කද?
ඔය කතාව කොහොම හැදුනද මන්ද! මම නයෙක් එක්ක නටන්නේ නෑ..


ඔයා පොලිස් අත්අඩංගුවට පත්වෙනකොටත් නයෙක් ඇගේ දවටාගෙන නේ හිටියේ...?
අත්අඩංගුවට ගන්නකොට නයා මගේ ඇගේ හිටියේ. එක ඇත්ත. එත් නයා දවටාගෙන හිටියේ නෑ. චුටි නයි පැටියෙක් කොහොමද ඇගේ දවටාගන්නේ..?



කොහෙන්ද ඒ නයි පැටිය..?
"ඒ මම ඇති කරන නයා "

නයෙක් ඇති කරනවා..?
ඔව්. අර නා ගස් යටදී හම්බවෙන හපින්නගේ පැටියා... හැපින්න තමයි මට නයි පැටිය දුන්නේ ... ගිය මාසේ පෝය දවසේ (අගෝස්තු 1) මම ගෙදර ගියා .ඒ ගමන් දෙවලෙටත් ගියා. වෙනද වගේම මම නා ගස් ලගට ගිහින් ප්‍රර්ථනා කළා නයාව දකින්න. ඒ ප්‍රර්ථනා කළා විතරයි වෙනදා වගේම නාගයා ආව.

එත් තනියම නෙවෙයි චුටි පැටියෙකුත් එක්ක පැටියා දැක්කාම මට ආදරේ හිතුනා. මගේ දිහා පෙනේ පුප්පලා බලාගෙන හිටපු හැපින්න පැටියා දාල යන්න ගියා ... මම පැටියාට අත දික්කලා.... පැටියා මගේ අතට ආවා... මට දැනුනා හැපින්න නයි පැටියව මට බාරදුන්න කියල. මම පැටියව ගෙදර ගෙනාවා. පහුවෙනිදා කොළඹ එන්න ඕනෑ නිසා ගේ ළඟ තිබුන තුඹසට පැටියාව දාල මම කොළඹ ආවා.

නයි පැටියා කොළඹට ආවේ කොහමද?
මම යාලුවොන්ට කිව්වා මම නයෙක් හදනවා කියලා. මට ඕන උනා මම කියන්නේ ඇත්ත කියල එයාලට පෙන්නන්න. ගිය සතියේ ගෙදර ගිහින් එන ගමන් මම නයාව ගෙනාවා.

බස් එකේ?
නෑ මම ගෙදර යන්නේ එන්නේ මෝටර් බයිසිකලේ. මේ රස්සාවට ආවට පස්සේ තම මොටර්සයිකලේ ගත්තේ. ඩිස්කවරියක්. පෙට්ටියක දාල ආරන් ආව. ගෙන්න කලින් මම ගමේ පන්සලට එක්ක ගිහින් බුදු හාමුදුරුවොන්ට පෙන්නලා, බෝධිය වටේ තුන් වටයක් එක්කගෙන ගිහිනුයි මම එක්ක ආවේ.

නයාට කන්න දෙන්නේ බිත්තරද?
ඔව්. බිත්තරේ කඩලා මම ටිකක බොන්න ඕනා. ඊට පස්සේ තමයි එයා බොන්නේ. මම මෙහෙ ගෙනල්ලා බිත්තර පොවනවා දැකලා මගේ යාළුවොන්ගේ ඇස්වලට කඳුළු ආවා.

කොහමද පොලිසිය දැනගත්තේ ඔයාගේ නයා ගැන?
උඩින් යාළුවො වගේ හිටියට මාත් එක්ක ගොඩක් අය තරහයි. ඒ මම ලස්සනට නටන හින්ද. එයාලට වඩා මුදල් හොයන හින්ද. ඔත්තුව දීල තියෙන්නේ සමාජශාලාවේ කෙනෙක්.

පිලිමතලාවෙන් සෙනසුරාදා කොළඹ පැමිණි නයි පැටියා පොලිසියට හසුවූයේ අඟහරුවාදාය. එතෙක් නයි පැටියා ඩිලානිගේ සුරතලය විඳිමින් නිරුපද්‍රිතව සිටියේය.

"මේ කෙල්ල නයාව හුරතල් කරනවා..ඉඹිනවා..මේ සම්බන්ධය මොකද්ද කියල හිතාගන්න බැහැ" මෙසේ පැවසුවේ පොලිසියේ වගකිවයුතු නිලධාරියෙකි.

ඔව් මම නයාව ඉඹිනවා තමයි. එයා පෙනේ පිප්පුවම පිට පැත්ත ඉඹිනවා. මම එහෙම කරන්නේ හරි ආදරෙන් ගෞරවයෙන්. නාගයාට වන්දනා කරනවා කියල හිතාගෙන. නාගයෙක් කියන්නේ දේව ආත්මයක්.

නයි පැටියාගේ විෂ දල ගැලෙව්වද?
මම නම් ගැලෙව්වේ නෑ. නයි පැටියාගේ විෂ දල නෑ කියල දැනගත්තේ පොලිසිය කිව්වට පස්සේ.

නයා දෂ්ඨ කෙල් නැද්ද?
පොලිසිය එන වෙලාවේ මම වෙරි මර ගාතේ හිටියේ. නයාත් මාත් එක්ක නිදාගෙන හිටියේ. කලබලය දැනිලයි මටත් ඇහැරුනේ. එත් වෙරි හිඳිලා තිබුනේ නැහැ. නමුත් මම හොඳ සිහියෙන් සිටියේ. පොලිස් නිලධාරීන් නයාට කරදර කළා. ඌට කොහු මිටෙන් ගැහුවා.

ඒ හිරිහැර විදගන්න බැරුව ඌ වේදනාවෙන් මගේ ඇඟට පැන්න. "ඇයි මේ ය මට හිරිහැර කරන්නේ කියල" නයා මගෙන් අහනවා දැනුන. එයා වේදනාවට පත්කරනකොට මගේ අතට බෙල්ලට එයා දෂ්ඨ කළා. මේ දළ පාරත් තියෙනවා. මට කරදරයක් කරන්න හිතාගෙන නෙවෙයි එයා එහෙම කලේ. එයාට වේදනාව ඉවසගන්නම බැරි උනා.

ඒ පිළිබඳව කොල්ලුපිටියේ පොලීසිය පවසන්නේ මෙවැන්නක්
"නයාව පෙට්ටියට දාලා පොලීසියට එක්ක ආවා. පෙට්ටිය අයින් කළා විතරයි සිහිය නැතිවුණා. නයි විෂ ශරීර ගතවෙලාද දන්නේ නැති නිසා අපි ඉක්මනට ජාතික රෝහලට ඇතුලත් කළා."

එහෙත් නිරෝෂා හෙවත් ඩිලානි පවසන්නේ වෙනත් කතාවකි.

පොලීසිය එක්ක ගිහින් මට හොඳටම ගැහුවා. ඊට පස්සේ මට සිහිය නැතිවුණා. සිහිය එනකොට මම හිටියේ ඉස්පිරිතාලේ ඇඳ උඩ.

ආර්.එම් නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි රෝහලින් නිදහස් කලේ ඉකුත් බ්‍රහස්පතින්දාය.

වෛද්‍ය අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා ඒ ගැන පවසන්නේ මෙවැන්නක්

"ඇය රෝහලට ඇතුලත් කළේ නයි විෂ ශරීරගත වෙලාද බලන්න. එහෙම තත්ත්වයක් තිබුනේ නැහැ. ඒ නිසා බ්‍රහස්පතින්දා ඇයව නිදහස් කළා"

උසාවියද ඇය ඇප පිට මුදා හැරියේ නැවත සැප්තැම්බර් 27 උසාවියේ පෙනී සිටීමේ පොරොන්දුව පිටයි, එදිනට ඇය මානසික වෛද්‍යවරයෙකුගෙන් වාර්තාවක්ද රැගෙන ආ යුතුය. ඇය පවසනා පරිදි ජාතික රෝහලේ මානසික වෛද්‍යවරයෙක් පවසා ඇත්තේ ඇයට මනෝ රෝගයක් නොමැති බවයි.

Zoophillia යනු Paraphillia (පැරපීලියා ) මානසික තත්ත්වයේ එක් ප්‍රභේදයකි. සතුන් සමඟ ලිංගිකව සංසර්ගයේ යෙදීම එහි රෝගී ලක්ෂණයයි. ගවයන්, සුනඛයන් සමඟ සංසර්ගයේ යෙදෙනා ඇතැම් අය ගැන අප අසා ඇත්තෙමු. එහෙත් නාගයෙක් සමඟ?

නයි පැටියෙක් එක්ක මොන සෙක්ස්ද? සමාජය ඇය හමුවේ කරනා චෝදනාවට ඇය පිළිතුරු බැන්දේ එලෙසිනි. නාගයන් සමඟ බැඳීම, දෙවිවරුන්ගේ බැල්ම මේ සියල්ල ඩිලානි පවසන කතාය. එහෙත් එහි ඇත්ත නැත්ත දන්නේ ඇය හා ඇයට කතා කරනා ගීනෙන් පෙනෙනා නාගයින් හා දෙවිවරු පමණි.

ඔයාට නයි පැටියා දකින්න ආසද?
නැත්නම්, මම දින ගැන ගැන ඉන්නේ ඒ දවස උදා වෙනකම්. එයාව උසාවියට ගේන දවසට මම එයාව අල්ලනවා.

ලැබුනොත්?
මම එයාව එයාගේ අම්මට බාර දෙනවා. මම එයාටයි අම්මටයි කළේ ලොකු වැරැද්දක්. පැටියව අම්මට බාරදූන්නට පස්සේ තමයි මට සැනසීමක් දැනෙන්නේ. එහෙම නැත්නම් මම සදාකල් විඳවයි.

ඇගේ පැතුම ලාංකේය නීතිය යටතේ කොයිතරම් සාදාරණ දැයි අපි නොදනිමු. එහෙත් ඇයට එලෙස සිතීමට නිදහස ඇත. ඇගේ සිතිවිලි වලට වෑ බැඳීමට අපට තබා ලාංකේය නීතියටටත් අවසර නැත.


[Read More...]


col3 | col3neg | Welcome to lkhit.net |col3 |col3neg original |col3
col3 | col3neg | Welcome to lkhit.net |col3 |col3neg original |col3

Recent Comments

Popular Posts

col3 | col3neg | Welcome to lkhit.net |col3 |col3neg original |col3
Return to top of page Copyright © 2011 | Platinum Theme Converted into Blogger Template by Hack Tutors
col3 | col3neg | Welcome to lkhit.net |col3 |col3neg original |col3