අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ මරමින් උතුරු මැද පළාතේ සියලු රෝහල්වල වෛද්‍යවරුන් හෙට(03) ආරම්භ කිරීමට තිරණය කළ වැඩවර්ජනය තාවකාලිකව නතර කිරීමට තීරණය කර තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කණ්ඩායමක් අනුරාධපුරයට ගොස් එහි තත්ත්වය සොයා බලා මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි..
ඒ අනුව හෙට යොදාගෙන තිබු වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ඔහු කියා සිටියි.
කෙසේ වෙතත් අදාළ සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා උතුරු මැද පළාතේ සියලු වෛද්‍යවරුන් හෙට වර්ජනයක නිරත වීමට තිරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මීට පෙර ප්‍රකාශ කරන ලදී.
අනුරාධපුර රෝහලේ රාජකාරිය සඳහා පැමිණෙමින් සිටි වෛද්‍යවරයෙකුට සන්ධාන අධාරකරුවන් පිරිසක් විසින් පහරදීමේ සිද්ධියකට විරෝධය පළ කරමින්, අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් පසුගිය (31) වැනිදා වැඩ වර්ජනයක නිරතවිය.
එම ප්‍රහාරයෙන් තුවාල ලැබු වෛද්‍යවරයා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහු මේවනවිට අසාධ්‍ය තත්ත්වයෙන් පසුවේ.
සබැදි පුවත්- උතුරුමැද වෛද්‍යවරු අනතුරු හගවති
Labels:
col3,
col3neg.cpl3video,
srilanka mirror,
tharunaya
Previous Article

Responses
0 Respones to "NCP doctors strike postponed"
Post a Comment